ඔබට අවශ්‍ය තොරතුරු වෙත ලඟාවිමට අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
අප අඩවිය විසින් අතන්තර්ජාල පුස්තකාලයක් ලෙස ඔබට අවශ්‍ය විවිධ තොරතුරු වෙත ලඟාවිමට සහයවනු ඇත.
මුල් ළමාවියේ සංවර්ධනය
ජාත්‍යන්තර නිර්වචනයට අනුව මුල් ළමාවිය යනු දරුවකුගේ පළිසිඳගැනීමේ සිට අවු 8 දක්වා කාලයයි. ඒනම් වයසු අවුරුදු 0-8 කාලයයි. නමුත් ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය ජාතික ප්‍රතිපත්තියට අනුව මෙම වයස 0 -5 වේ. පුද්ගලයකුගේ ජීවිතයේ ඉතාමත් වැදගත්ම අවධීය වන්නේ මුල් ළමාවිය අවධියයි. ඒනම් ඹ්නම පුද්ගලයෙකුගේ බුද්ධි සංවර්ධනයෙන් 80% ක්ම සිදු වන්නේ මෙම මුල් ළමාවිය අවධියේදීය. සියලුම මිනිසුන්ගේ ජීවිතයේ පදනම සකස් වන්නේ මෙම අවධියේදීය. බුද්ධි සංවර්ධනය යනු මෙම අවධියේදී පංචේන්ද්‍රය හරහා ලබන අත්දැකීම් පදනම් කරගෙන මොළයේ සිදුවන සෛල උත්තේජනය හරහා ඇතිවන සංකීර්ණ ක්‍රියාවලියකි.
මුල් ළමාවියේදී දරුවාගේ සංවර්ධනය ප්‍රශස්ථ කිරීම සඳහා ගතහැකි/ගතයුතු ක්‍රියා මාර්ග, මුල් ළමාවියේ සංවර්ධනය සඳහා රැකවරණය (ECCD) නම්වේ.
No comments:
Post a Comment